අභීත දියණිය

අභීත දියණිය


අභීත දියණිය (Dong Yi) කොරියන් MBC මාධ්‍ය ජාලයේ 49 වන සංවත්සරය වෙනුවෙන් 2010 වර්ෂයේදී නිපදවන ලද  ශේෂ්ඨ ඵෙතිහාසික කතා පුවතක් රැගත් කොරියානු ටෙලි නාට්‍ය මාලාවකි.

සාරාංශය

මෙම කතාවට පසුබිම් වන්නේ Joseon රාජ වංශයේ (1683-1724) 19 වන  වන රජු වන Sukjong රජුගේ රාජ්‍ය පාලන සමයයි. Choi Dong Yi ලෙස සාමාන්‍ය දැරිවියකව ඉපිද Sukjong රජුගේ ආදරය දිනාගන Choi Sukbin ලෙස රාජකීය අගමෙහෙසිය වී රජුට දාව තමන් ලද පුත් කුමරා වන Geum කුමරු Joseon රාජ වංශයේ 21 වන Yeongjo රජ ලෙස කිරුළු පැළඳීම දක්වා වූ ඔවුන්ගේ ජීවිත කතා පුවත මෙයින් ගෙන හැර දක්වයි.

කතා පුවත

මෙම කතාව ආරම්භ වන්නේ පුංචි Choi Dong Yi ට ඇයගේ පියා (Choi Hyo Won) සහ ඇයගේ සහෝදරයා (Choi Dong Ju) සාවද්‍ය ලෙස මරා දැමීම නිසා අහිමි වීමෙනුයි. ඇයගේ පියා Sword Fraternity organisation හි ප්‍රධානියා ලෙස සියලුම කුලහීනයන් ආරක්ෂා කිරීමත්, වංශාධිපතියන්ගෙන් ඔව්න්ට සිදුවන අකටයුතුකම් වෙනුවෙන් යුක්තිය ඉටුකරදීමත් සිදුකලා.

අවාසනාවකට ඔවුන්ව මිනීමැරුම් කුමන්ත්‍රණයක වරදකාරයන් ලෙස southerners ලගේ නායකයා වන Oh Tae Suk විසින් හසු කරනු ලබනවා. ඒ Dong Yi ට මරා දමනු ලැබූ පුද්ගලයා (Jang Ik-Hun) පණ අදිමින් සිටියදී සම්බවීමෙන් මිනීමැරුමට සම්බන්ධ ප්‍රධාන සාක්ෂියක් සොයා ගැනීමට හැකිවෙනවා. ඇය මෙම සාක්ෂිය පොලිස් නිලධාරියෙකු වන Suh Yong Giට පවසනවා. නමුත් Oh Tae Suk විසින් මෙහි වැරැද්ද Sword Fraternity මත පටවනවා. Dong Yi උත්සහ කරනවා Suh Yong Giට දැන්වීමට ඇයගේ පියා මෙම වරදට කොටුවී ඇති බව. පසුව ඇය සොයාගන්නවා ඇය Jang Ik Hun ගෙන් සොයාගත් සාක්ෂි පිලිබඳ රජබිසව යමක් දන්නාබව. ඉතින් ඇය තීරණය කරනවා මාලිගාවට සංගීත Bureauහි වහලියක් ලෙස ඇතුළුවී රජ බිසව හමුවීමට.

උත්සහවන්ත, බුද්ධිමත්, නිර්භීත, කුතුහලය පිරි ඇය සමහර වෙලාවලදී හිතුවක්කාර උනත් ඇය හැමවිටම උත්සහ කලේ අනික් අයට උදව් කිරීමටයි. දිනක් ඇයට Sukjong රජුව මුණගැසුනා ඔහු තම මෑණියන් විසින් තම උප භාර්යාව වන Lady Jang පන්නා දැමීම සඳහා කරන ලද කුමන්ත්‍රණය පිලිබඳ විමර්ශනය කිරීම සඳහා මාලිගාවෙන් පිටතට පැමිණ සිටින අවස්ථාවේදී. Dong Yi ඔහු රජ බව දැන නොසිටි නිසා කිහිප අවස්ථාවකදීම ඔහුට මාලිගාවේදී මුහුණ පෑමට සිදුවූ යම් ප්‍රශ්න විසඳීම සඳහා උදව් කළා.

ඉන්පසු ඇයට පුළුවන් උනා Lady Investigator ලෙස Office of Investigation එකට බැඳෙන්න. Jang රැජිනගේ ප්‍රශ්නයේදී ඇයගේ දක්ෂකම් පිලිබඳ රජුගේ ප්‍රසාදයක් ඇතිවුනාJang රැජින කිහිපවිටක්ම ඇයගේ සියලුම බලය යොදාගන Dong Yiව මරා දැමීම සඳහා උගුල් ඇටෙව්වා. තුන් වතාවකදීම ඇය මරණය කරා ලං උවද ඇයගේ වාසනාවට ඒ හැම අවස්ථාවකදීම ඇයට ජීවත් වීමේ වාසනාව උදා වුනා.


ටික කලක් යනවිට රජු තේරුම් ගත්තා ඔහුගේ සිතේ Dong Yi පිලිබඳ ආදරයක් ඇතිවී ඇති බව. එමනිසා ඔහු තීරණය කළා Dong Yiව තමන්ගේ උපබිසවක් කර ගන ඇයව ආරක්ෂා කර ගැනීමට. ඇය Lady Choi ලෙස උපබිසවක් බවට පත්වුනාLady Choi ලෙස රජ මාලිගයේ ඇයගේ රාජ්‍ය කාලයේදීත්, පසුව අගමෙහෙසිය (Consort Sook) ලෙසත් දිගු කාලයක සිට ඇයගේ මිතුරෙකු වන Cha Chun Soo ගේද උදව් ඇතුව ඇයට පුළුවන් වුනා Jang Ok Jung සහ ඇගේ සහෝදරයා වන Jang Hee Jae එකතුවී කරන ලද සියලුම කුමන්ත්‍රණ හෙළිදරව් කර ගැනීමටත් බලයෙන් පහකර සිටි රැජිනව නැවතත් එම තනතුරේ පිහිටු වීමටත්, තවත් බොහෝ දෙනෙකුට සාධාරණය ඉෂ්ට කිරීමටත් ඇයට හැකිවුනා.

Sword Fraternity එකත් සමඟ ඇයගේ ඇති සම්බන්ධතාවය නිසා ඇයට ඇයගේ පුතුත් (Geum) සමඟ අවුරුදු කීපයක්ම මාලිගාවෙන් පිටවී සිටීමට සිදුවුණා. රජතුමා සහතික වුනා ඇයව ඔහු කිසිදිනෙක නොදකින බව. ඉතින් ඔවුන්ගේ පුතු ඉපදී අවුරුදු 6ක් යනතුරු ඔහු ඔහුගේ පුතුව දුටුවේ නෑ. Dong Yi තනිවම ඇයගේ පුතුව දැඩි විනයකින් යුතු දරුවෙකු ලෙස හොදින් ඇතිදැඩි කළා. ඔහුට හොඳ අධ්‍යාපනයක් ලබා දුන්නා. ඔහු ඉතා කරුණාවන්ත හදවතක් ඇති ශක්තිමත් පුද්ගලයෙක් බවට පත්කලා.

Dong Yi සහ ඇයගේ පුතුව රජුවිසින් නැවතත් මාලිගාවට කැදෙව්වා ඇයවත්, ඇයගේ පුතාවත් මැරීම සඳහා ඔවුන්ගේ නිවස ගිනි තැබීමට යමෙක් උත්සහ කරන බව ඔහුට සැලවීම නිසා. පසුව රජු දැනගත්තා ඔහුගේ පුතා ඉතාම බුද්ධිමත් බවත්, ඔහුට (රජුට) ඉතා තනිකමක් ඇතිකරමින් මාලිගාවෙන් පිටත ජීවත්වූ ඔහුගේ මවගේ (Dong Yi) ගතිලක්ෂණ තම පුතු සතුව ඇති බවත් රජුට දැනුනා.
අවසානයේදී රජකම් කරමින් සිටි රැජින මියයාමෙන් පසු එම තනතුර බාරගන්නා ලෙස රජු විසින් Dong Yiගෙන් ඉල්ලා සිටියත් ඇය යටහත් පහත්ව කියා සිටියේ ඇයට රැජිනක වීමේ අරමුණක් නොමැති බවත්, රජතුමාගේ ආදරය දිනාගැනීමම ඇයට ප්‍රමාණවත් බවත්ය. ඉන්පසු ඇය ඇයගේ ඉදිරි ජීවිත කාලයම කැපකලේ අහිංසක කුලහීන මිනිසුන්ට සිදුවන අසාධාරනකම් වෙනුවෙන් ඔවුන්ට සහය දීමටය.